― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාලගෝට්ටියක් වූ පොළොන්නරුවේ සංගීතය

කාලගෝට්ටියක් වූ පොළොන්නරුවේ සංගීතය

පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අතර තුර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ප්‍රසංගයට සහභාගී වන බව දන්වමින් සංවිධායකයින් විසින් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ප්‍රසංගය නැරඹීම සඳහා රුපියල් 1,500ක මිලකට ප්‍රවේශ පත්‍රයක් ද අලෙවිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රාත්‍රී 8.00ට පමණ අරඹා ඇති මෙම ප්‍රසංගයේ මුල් ගීත කිහිපය සංගීත කණ්ඩායම විසින් ගායනා කර ඇති අතර, ප්‍රසංගයේ ගීතවත් වීමට පැමිණෙන බවට සංවිධායකයින් විසින් දන්වා තිබූ ජනප්‍රිය ගායක ගායිකාවන් නොපැමිණිමත් සමඟ එය නැරඹීමට පැමිණි පිරිස මෙලෙස කළහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

පසුව නිවේදකයා විසින් සිදුව ඇති දේ ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් වෙත දැනුම්දීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ සංගිත කණ්ඩායමට, වේදිකාවට සහ ශබ්ද පරිපාලන යන්ත්‍ර සඳහා මුදල් ලබානොදී සංවිධායකින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.