― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

ඊයේ (02) රාත්‍රී 8.15 ට පමණ ආණමඩුව – හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ රස්නායකපුර,ඉහළ ඔට්ටුක්කුලම පදිංචිව සිටි සුමිත් චමින්ද කුමාර නැමැති 26 හැවිරිදි අයෙක්.

හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදිය මුදලක්කුලිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු එම අවස්ථාවේදීම ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පාලනයකර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.