― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsටෙලිකොම් සේවකයින් පාරට බහියි

ටෙලිකොම් සේවකයින් පාරට බහියි

ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණයට විරෝධය පළකරමින් එහි සේවකයින් මේ වනවිට කොළොඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා.

අප වාර්තාකරුවන් පවසන්නේ දිවයිනේ නන් දෙසින් පැමිණි 1000 කට ආසන්න ටෙලිකොම් සේවකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටින බවයි.

ඔවුන් ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අවට මාර්ගයේ විරෝධතා පාගමනක් ද ගෙන ගියා.

රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ලාභ ලබන ටෙලිකොම් ආයතනය පුද්ගලික අංශයට විකිණීමට කටයුතු කර ඇති බවටයි ඔවුන් රජයට චෝදනා නගන්නේ.