― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළට

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළට

මේ දිනවල දරුවන් අතරේ වැඩි වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, කිවිසුම් යෑම සහ තවත් සමහර අයට කඳුළු ගැලීම සහ කබ ගැලීම එම වෛරසයේ තත්ත්වයන් බවයි.

එමෙන්ම තවත් සමහර දරුවන්ට පහළ ශ්වසන මාර්ගයේ රෝග තත්ත්වයන්ද ඇති කරන බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉන්ෆ්ලුවෙන්සා A තමා වැඩිපුරම දැක්කේ. ඉන්ෆ්ලුවෙන්සා B කියන තත්ත්වයත් සමහර අයගේ දැක්කා. ඒ නිසා තමයි ඒ රෝගය ස්වසන රෝගයක්. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, “කිවිසුම් යෑම සහ සමහර අයට කඳළු ගැලීම හා කබ ගැලීම ආදි තත්ත්වයන් තියෙනවා. සමහර අයට පහළ ස්වසන මාර්ගයේ රෝග තත්ත්වයනුත් ඇති කරනවා. එතැනට නිව්මෝනියා තත්ත්වයන් ඇති කරනවා. සමහර අයට ඔක්සිජන් ඕනේ වෙනවා. ඒ නිසා තමයි මේ රෝගය වළක්වා ගන්නවා නම් තමා හොඳ. මෙතනදී ළමා හතිය වැඩිවීමකුත් අපි දකිනවා පසුකාලීනව.”