― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෘමිනාශක මිල පහළ දැමීමට එකඟ වෙයි

කෘමිනාශක මිල පහළ දැමීමට එකඟ වෙයි

මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (03) පැවැත් වුණා.

යල කන්නයේ දී මෙරට අලෙවි කරන සියලුම කෘමිනාශක හා වල් නාශකවල මිල ගණන් ගොවි ජනතාවට දැනෙන මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉලීමක් කර සිටියා.

ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හා ආනයනය අවශ්‍යතා සඳහා රජය විසීන් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු හේතුවෙන් ඒවායේ මිල ගණන් අඩු කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එම කරුණු සැළකිල්ලට ගනිමින් සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල ගණන් සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධනාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබාදීමටත් පළිබෝධ නාශක අලෙවි කරන සියලුම සමාගම්වල එකගත්වයමෙහිදී පළ වුණා.

මේ අතර පළමුවරට මෙම වර්ෂයේ යල කන්නයට පසුව අමතර කන්නයක් වගා කිරීමට ද තීරණය කර ඇති බැවින් අලෙවි කරන වල් නාශක හා කෘමිනාශක ප්‍රමාණය වැඩිවන නිසා සමාගම් මගින් ලබාදිය යුතු සහන වැඩි කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා මෙන්ම අප රටට පළිබෝධ නාශක අලෙවි කරන සියලුම සමාගම්වල නීයෝජිතයින් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.