― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදෙන තීරුබදු සහනය ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදෙන තීරුබදු සහනය ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේදී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව කාණ්ඩ 5ක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.