අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත කාලසටහන අනුව පැවැත්වීමට අපොහොසත් වුවහොත් එම විභාගය පැවැත්වීම තවත් වසර කිහිපයකින් කල්දැමීමට සිදුවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි.
සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් කල් දැමිය නොහැකි සහ කල් නොදැමිය යුතු දේවලට ප්‍රමුඛතාව ලබාදෙමින් අපොස උසස් පෙළ විභාගය කඩාකප්පල් වීමට ඉඩ නොතබා නියමිත දිනවල පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
පාසල්වල සෙසු පන්තිවල සිසුන්, දැනට පවතින අවදානම් සහගත වාතාවරණය යටතේ ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් නිවාඩුව ලැබෙන තෙක් දරුවන්ට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ලබා දීම වැදගත් බවද ඒ මහතා පෙන්වා දෙයි.