― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරසායනික පොහොර තහනම නිසා වී අස්වැන්න සියයට 53කින් අඩු වෙලා

රසායනික පොහොර තහනම නිසා වී අස්වැන්න සියයට 53කින් අඩු වෙලා

2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම මහ කන්නයේ මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ හා 2023 මුල් මාසය තුළ මෙම සමීක්ෂණය සිදු කර ඇත.

රසායනික පොහොර තහනම නිසා බඩඉරිඟු සියයට 68ක්, ලොකු ලූනු සියයට 52ක්, අර්තාපල් සියයට 52ක්, හා මිරිස් අස්වැන්න සියයට 43කින් පහත වැටුණ බව අදාල සමීක්ෂණ  වාර්තාව සඳහන් කරයි.

එළවළු වගාව සියයට 57කින් පහතට වැටුන බවත්  මල් වගාකරුවන් සියයට 86ක් පමණ  වගාවෙන් ඉවත් වී තිබෙන බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසයි.