අද (04) දිනයේ සිට දේශීයව නිපදවනු ලබන බිත්තර, කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඊයේ දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සඳහන් කර සිටියා.
ඒ, අනුව බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද (04) දිනයේ සිට මධ්‍යම පළාතේ දී පළමුවෙන්ම ආරම්භ කරන බව ඔහු සඳහන් කර සිටියා.


