26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ලිට්‍රෝ ගෑස් මිල අද ප්‍රකාශයට

නව ලිට්‍රෝ ගෑස් මිල අද ප්‍රකාශයට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් ඊයේ (03) පැවසුවා.

ඒ, අනුව ගෑස් මිල අඩුවන නිශ්චිත මුදල පිළිබඳව අද (04) දිනයේ දී එම සමාගම විසින් ප්‍රකාශ කිරීමට නියමිතයි.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලට අමතරව, කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩර් මිල ද අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මේ අතර කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට පවතින්නේ රුපියල් 4,743ක් ලෙසටයි.

එම සමාගමේ කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 1,904ක්ව පවතින අතර, කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් මේ වනවිට වෙළඳපොළේ අලෙවි වෙන්නේ රුපියල් 883 කටයි.