ඕස්ට්‍රේලියානු රජයේ කටයුතු හා සම්බන්ධ වන දුරකථනවල ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට බ්‍රිතාන්‍ය, නවසීලන්තය, කැනඩාව සහ ඇමරිකාව ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පනවා ඇති අතර ඒ අනුව ටික්ටොක් තහනම් කරනු ලබන 05 වන රට බවට ඕස්ට්‍රේලියාව පත්වනු ඇත.
චීන හිමිකාරිත්වය සහිත ටික්ටොක් යෙදවුම හරහා සිය රටවල සංවේදි තොරතුරු චීනයේ ආරක්ෂක අංශ මගින් ලබාගැනීමට පවතින අවධානම හේතුවෙන් රටවල් රැසක් එම යෙදවුම තහනම් කිරීමට පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය අද (04) නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.


