මේ දිනවල පවතින අධික විජලන තත්ත්වය හේතුවෙන් සරල ඇඳුම් භාවිතයට යොමු වන්නැයි කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා උපදෙස් ලබාදී තිබේ.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරයා කියා සිටියේ විදෙස් රටවල පවතින එම සංස්කෘතිය ලංකාවටද හඳුන්වා දිය යුතු බවත් හිරු එළිය අවම වශයෙන් ශරීරගත වන අයුරින් ජනතාව නිවසින් බැහැරව යා යුතු බවත්ය.
එමෙන්ම විජලන තත්ත්වයට වතුර පමණක් නොව ස්වභාවික දියර ආහාර පානය කිරීමද ඉතාමත් සුදුසු බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
“එංගලන්තය වගේ රටවල සමර් එකට එහෙම කරනවා. අපේ දරුවන්ටත් අපි කියන්නේ සරල ඇඳුමක් අඳින්න. ටයි දාන අයට ටයි එක නැතුව සරල ඇඳුමක්. සරල ඇඳුමක් ඇඳගෙන තමා පාසලට එන්න කියන්නේ. දැන් අපිටත් ඒ සංස්කෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වෙලාවට ගොඩක් ඇඳගෙන යන්න හොඳ නෑ. ඇඳුම් ඇඳගත්තාහම වැඩිපුර දාඩිය දානවානේ. සරල ඇඳුමක්, තොප්පයක් දාගෙන හිරු එළිය අවම වෙන විදියට යන්න පුළුවන්. ඒක අපේ රටේ තාම භාවිත වෙන්නේ නෑ. අපි ඇඳුම් කිහිපයක් ඇඳගෙන තමා එළියට බහින්නේ…. දරුවාගේ බරේ හැටියට තමයි වතුර ලැබෙන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් වැඩිපුර වතුර බෝතලයක් දරුවෙකුට දාලා යවන්න. වැඩිහිටියෙකුට වුණත් වතුර වෙනුවට තවත් දෙහි හෝ ජීවනි ටිකක් හරි අපේ පානයට ගමු. එමඟින් එළියට යන ප්‍රමාණය ශරීරයට ලබාදෙන්න පුළුවන්. එයින් එන සංකූලතා අවම කරගන්න පුළුවන්.“


