25.6 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ලොව සුන්දරම රටවල් 23 අතරට

ශ්‍රී ලංකාව ලොව සුන්දරම රටවල් 23 අතරට

2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කර තිබේ.

ෆෝබ්ස් සඟරාව විසින් සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙම රටවල් 23 නම් කර ඇති අතර සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගෙන තිබේ.

ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී ඇත.

අනුරාධපුරය, නුවර, අලි අභයභුමිය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත් කෙටි දුරක් ගමන් කර නැරඹිය හැකි ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඇය පෙන්වා දී ඇත.