23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි T20 තරගය හෙට

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි T20 තරගය හෙට

සත්කාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට (05) මෙරට වෙලාවෙන් උදෑසන 6.30 ට පැවැත්වීමට නියමිතව ඇත.ඒ ඩනීඩන්හි යුනිවසිටි ඕවල් පිටියේ දීයි.

තරගාවලියේ පළමු තරගය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ජය ගත්තේ ය.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 21 ක් පවත්වා ඇති අතර ඉන් 11 ක් නවසීලන්තය ජය ගෙන ඇත.

ශ්‍රී ලංකාව තරග 9 ක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් අවසන් වී ඇත්තේ තීරණයකින් තොරවයි.