26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනැකතට පැළයක් – ජාතික රෝපණ නැකත 20 වැනිදා

නැකතට පැළයක් – ජාතික රෝපණ නැකත 20 වැනිදා

සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව නැකතට පැළයක් – ජාතික රෝපණ නැකත මෙවරත් සැමට කටයුතු යොදයි.

”නැකතට පැළයක්- ඵලයක් දෙන පැළයක් සිටුවමු” ඒ මෙවර ජාතික රුක් රෝපණ නැකතේ තේමාවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරට රුක් රෝපණ නැකතක් එකතු කිර්ම අනුව දැනට වසර දෙකක් තිස්සේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතත් එකතු කර තිබේ.

ඒ අනුව පසුගිය වසර දෙක තුළ ජාතික රුක් රෝපණ නැකත් චාරිත්‍රය නැකතට පැළයක් යනුවෙන් නම් කර පැවැත්වීමට කටයුතු යොදනු ලැබීය.

2023 වසරේ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව ජාතික පැළ සිටුවීමේ නැකත 2023 අප්‍රේල් මස 20 දින පෙරවරු 6.33 යෙදී තිබේ.

නැකතට පැළයක්- ඵලයක් දෙන පැළයක් සිටුවමු යන තේමාව යටතේ මෙවර ජාතික රුක් රෝපණ නැකත පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ සියලුම් ආයතන මේන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවල ඵල දරන හාක රෝපණය කිරීම සඳහා මෙවර ප්‍රමුඛත්වය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඊට සමගාමීව ජාතික උත්සවය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පැවැත්වීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම නැකතට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පැළ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද දින (04) කටයුතු යොදා තිබිනි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන හා හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ යන මහත්වරුන්ට පලතුරු පැළ ලබා දීම සිදු කළේය.