26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 09ක ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි 09ක ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

යපනය, ඩෙල්ෆ් මුහුදු තීරයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 09කට අධික වටිනා කේරළ ගංජා කිලෝ 283 ග්‍රෑම් 700 ක තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව ඩෙල්ෆ් බටහිර මුහුදු සීමාවේදී, සැකකටයුතු ඩංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තුළ දී තිබී මෙම කේරළ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

එම ඩිංගි යාත්‍රාවේ තිබී උර 06 ක පාර්සල් 76 ක මෙම කේරළ ගංජා තොගය තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට සැකපළ කරන අතරම කේරල ගංජා තොගය නාවික හමුදාව විසින් ඩෙල්ෆ් පොලීසියට භාරදීමට පියවර ගෙන තිබුණි.

අත්අඩංගගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 – 51 ත් අතර වයස්හි පසුවන මන්නාරම පේසාලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන්ද ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලීසියට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.