― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණයක්

පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණයක්

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවයි.

එමෙන්ම,  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවය. සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවයි.

එමෙන්ම ලාභ ලබන ආයතන විසින්, රු.මිලියන 28ක් පමණක්, මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් ගෙවා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී මෙලෙස එම ආයතන පාඩු ලබන බවය.

එමෙන්ම මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු, මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා ලද මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් වන බව සියළුම පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව, නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.