― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආයුර්වේද සම්බාහන ශිල්පීන්ට NVQ 04 මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක්

ආයුර්වේද සම්බාහන ශිල්පීන්ට NVQ 04 මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක්

ලොව පිළිගත් වෘත්තීය අධ්‍යාපනයකින් සමන්විත වෘත්තිය ආයුර්වේද සම්බාහන ශිල්පීන් බිහි කරලීම උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම 04 සඳහා ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශය එළි දැක්වීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දින මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණ.

නිපුණතාවය සහිත සම්බාහන ශිල්පීන් බිහි කිරීම, ආයුර්වේද සම්බාහන ශිල්පය ප්‍රමිතිකරණය තුළින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා බිහි කිරීම, වෛද්‍ය හා සුවස්තතා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම, ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ තෘතිය සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම එක්ව ආයුර්වේද සම්බාහන ශිල්පී ජාතික නිපුණතා මට්ටම 04 සඳහා වූ ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශ අන්තර්ජාලය වෙත නිකුත් කිරීම එහිදී සිදු කෙරිණ.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා NVQ 04 මට්ටමේ ගුණාත්මක පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු කිරීමට ලැබීම අප ලද ජයග්‍රහණයක්. මෙම ක්ෂේත්‍රය සඳහා දේශීයව මෙන්ම විදේශීයව විශාල ඉල්ලුමක් පවතිනවා. මේ වන විට ජපානයෙන් පමණක් ආයුර්වේද සම්බාහන ශිල්පීන් 500 ක් සඳහා රැකියා අවස්ථා ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම විවිධ රටවලින් විවිධ සුදුසුකම් සහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. නමුත් ජපානය, කොරියාව වැනි රටවල රැකියා අවස්ථා සඳහා අදාළ භාෂා කුසලතාවය නොමැති වීමයි ගැටළුව වී තිබෙන්නේ. අප NVQ 04 මට්ටමේ පාඨමාලාවක් සකසනු ලබන්නේ එම අවශ්‍යතා සම්පූර්ණ කරමින් සුදුසුකම් ලත් සම්බාහකයින් පිරිසක් බිහි කරලීමේ අරමුණින්. අපිට විදේශ මුදල් නොමැතිව විශාල අර්බුදයක ඉන්න මෙහොතක මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් රටට විශාල මුදලක් උත්පාදනය කර දිය හැකියි. අපි කළ යුත්තේ රට ගොඩ නගන්න උදව් කරන එකයි.රාජ්‍ය මැදිහත් වීම මත ක්‍රියාත්මක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන 50 ක් ආරම්භ කරන ලෙසටත් මම ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවට උපදෙස් දුන්නා

මේ වන විට හැම තැනම සම්බාහන මධ්‍යස්ථාන තිබෙනවා. හැබැයි ඒ ළගින් නෙවෙයි, ඒ පැත්තකින්වත් යන්න ලැජ්ජයි. ලංකාවේ ස්පා කියලා නම ගහලා තියෙන තැනකින්වත් යන්න ලැජ්ජයි. ඒ තරම් මේ විශේෂ වෛද්‍ය ක්‍රමය විකෘති වී තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ අළුත් ක්‍රමය, අළුත් වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේ. අපි අළුතින් හිතලා අපේ ඉදිරි පරම්පරාව වෙත මේ දේශීය වෛද්‍ය ක්‍රමය දායද කළ යුතුයි. මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. අපි මේ වන විට ආයුර්වේද ක්ෂේත්‍රයේ සුවිශාල පරිවර්තනයක් සිදු කර තිබෙනවා. මේ වන විට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මේ රටේ සක්‍රීයම අමාත්‍යාංශය බවට පත් කර තිබෙනවා. හැමවෙලේම වැඩ කරන ආයතනයක් බවට පත් කර තිබෙනවා. මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් පමණක් දියුණු කළ හැකියි. ඒ සඳහා සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අප හා එක්ව කටයුතු කරන ලෙස ඔබ සැම සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ”