27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවතුකරයට නව වෘත්තිය සමිතියක්

වතුකරයට නව වෘත්තිය සමිතියක්

කදුරට ජනතා බලය නමින් වතුකරයට නව වෘත්තිය සමිතියක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (05දා) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි සිදු කෙරිණ.

වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසුදුණු ගැටළු වලට විසදුම් ලබාදිම, වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, වතු කම්කරුවන්ගේ නිවාස අයිතිය, වතුකරයේ අධ්‍යාපනය ඉහල දැමිම ඇතුළු කරුණු ගණනාවකට විසදුම් ලබාදීමේ අරමුණින් මෙම වෘත්තිය සමිතිය පිහිටුවා ගත් බව එම වෘත්තිය සමිතියේ සභාපති රාමන් සෙන්දුරන් මහතා කියා සිටියේය.

එම වෘත්තිය සමිතියේ සභාපති වශයෙන් රාමන් සෙන්දුරන් මහතා, උප සභාපති වශයෙන් එස්.සන්මුගප්‍රියා මහත්මිය, ලේකම් වශයෙන් ත්‍යාගරාජා ජයලලිතා මෙනවිය, උප ලේකම් වශයෙන් සින්නකරුපන් විමලනාදන් මහතා , භාණ්ඩාගාරික වශයෙන් ත්‍යාගරාජා සුදර්ශනි මෙනෙවියත් වෘත්තිය සමිතියේ නිලධාරීන් මණ්ඩලය වෙයි.