― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබීඩි කොළ කිලෝ 1156කට අධික තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

බීඩි කොළ කිලෝ 1156කට අධික තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස රැගෙන විත් නිවසක් තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සමග එක්ව පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ.

එම ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂාවට ලක්කරන ලද අතර, එහි අලෙවි කිරීම සඳහා කාඩ්බෝඩ් ඇසුරුම් 44 ක් තුල ඇසුරුම් කර තිබූ බීඩි කොළ කිලෝ 1156 යි ග්‍රෑම් 700 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් සහ නල්ලතන්නිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 සහ 45 වයස්වල පසුවන දෙදෙනෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් දූෂණ මර්ධන ඒකකය වෙත භාරදී තිබෙනවා.