26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙන් වූ අත සාර්ථකව බද්ධ කළ විශ්මකර්ම සැත්කම

වෙන් වූ අත සාර්ථකව බද්ධ කළ විශ්මකර්ම සැත්කම

සිරුරෙන් වෙන්වී තිබූ අතක් කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කිරීමට සමත් වී තිබේ.

කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණියගේ අතට මන්නා ප්‍රහාරයක් එල්ල වීමෙන් ඇයගේ වම් අතේ පහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන්වී ගොස් තිබූ බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම මන්නා ප්‍රහාරයෙන් වෙන් වූ ඇයගේ අත අයිස් බෑගයක බහා තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමට ඇයගේ ඥාතීන් පියවර ගෙන තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධකිරීම සඳහා සැත්කමක් ආරම්භ කර තිබේ.

ශල්‍යකර්මයෙන් අනතුරුව තරුණිය කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තරුණියගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසයි.