28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාවක් ගැන පොලිස්පතිගෙන් හේතු විමසයි

විරෝධතාවක් ගැන පොලිස්පතිගෙන් හේතු විමසයි

ලිප්ටන් වටරවුමේ සරසවි සිසු විරෝධතාවය මර්දනය කල ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

පසුගිය 03 වන දින විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවූ වාර්තා පදනම්වයි මානව හිමිකම් කොමිසම ස්වයං මැදිහත්වීමෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 10 වනදාට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.