28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉපැරණි කාසි තොගයක් සමඟ 4 දෙනෙකු කන්තලේදී කොටුවෙයි

ඉපැරණි කාසි තොගයක් සමඟ 4 දෙනෙකු කන්තලේදී කොටුවෙයි

පැරණි කාසි තොගයක් සමග සැකකරුවන් 04 දෙනෙකු කන්තලේ කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරණ සිට කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සතුව තිබී පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කරන කාසි 389ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත් ය.

32 හා 49 වයස්වල පසුවන සැකකරුවන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරේ.