― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅවුරුදු සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

අවුරුදු සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් න්දක්වමින් සාගල රත්නායක කියා සිටියේ පදික වෙළෙඳුන්ගේ ගැටළු පිළිබඳ තමන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඒවාට නිසි විසඳුම් ලබාදීම සඳහා කමිටුවක් පත්කරන බවත්ය.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදීම විසඳුම් ලබා දීමටද පියවර ගත් අතර තවදුරටත් පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔවුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධවද එහිදී අවධානය යොමු වීම විශේෂත්වයකි.