― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබලහරුව වැවේ තිබී මළ සිරුරක් හමුවෙයි

බලහරුව වැවේ තිබී මළ සිරුරක් හමුවෙයි

තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් බලහරුව වැවේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසින් සිදු කළ දැනුම් දීමකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මේ වනවිට මියගිය පුද්ගලායගේ අනන්‍යතාවය තහවුරු වී තිබේ. ඔහු බලහරුව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හැටහතක පුද්ගලයකු බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලායාගේ මළ සිරුර තිබූ වැව ආසන්නයේ තිබී ඔහුගේ පාපැදියද හමු වී ඇති අතර මරණයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.