28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවළ දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් ඇල්පිටියේ වත්තකින් සොයාගැනේ

වළ දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් ඇල්පිටියේ වත්තකින් සොයාගැනේ

ඇල්පිටිය, දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද (07) දහවල් ඇල්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ වනවිටත් එම සිරුර ගොඩගනිමින් පවතින බවයි ඇල්පිටිය පොලිසිය සඳහන් කළේ.

පසුගිය 05 වනදා සිට එම ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර, පොලිසිය සැකපළ කරන්නේ මෙලෙස හමු වූ මළ සිරුර එම තරුණයාගේ විය හැකි බවටයි.

මෙලෙස සොයාගත් තරුණයාගේ මළ සිරුර, ඝාතනය සිදුකිරීමෙන් පසු වළ දමන්නට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.