30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ බිරිඳට පිහියකින් ඇනලා

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ බිරිඳට පිහියකින් ඇනලා

බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සමිත කවිරත්න මහතාගේ බිරිද පිහිපහරවල් කිහිපයකට ලක්ව අද (07) රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන කිරි අලෙවිසැලක් තුලදී පහරකැමට ලක්ව ඇතැයි පොලිසිය කීය.

සිද්ධිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් අගල් පහක් පමණ දිගැති ලේ තැවරුන  පිහිය පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇත.සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.