26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකිවියන්ට ලකුණු 183ක ඉලක්කයක්

කිවියන්ට ලකුණු 183ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහ නවසීලන්තය අතර තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06 කට ලකුණු 182ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් සහ පැතුම් නිස්සංක ලකුණු 25ක් රැස් කිරීමට සමත් වුණා.

පැතුම්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 33ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී ගියා.

ධනංජය ද සිල්වා වේගවත් ලකුණු 20ක් රැස්කළේ පන්දු 09කට මුහුණ දෙමින්.

පන්දු යැවීමේ දී බෙන් ලිස්ටර් කඩුලු 02ක් බිද දැමුවා.

මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක් ඒ අනුව හිමිව තිබෙනවා.

තරගාවලිය ජය ගැනීමට නම් මෙම තරගයේ ජය දෙපිළටම තීරණාත්මක වන්නේ දෙපිළම මේ වනවිට එක් තරගය බැඟින් ජයගෙන සිටීම හේතුවෙන්.