26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතේ කෝප්පයක් විෂ වී වෛද්‍යවරයෙකු රෝහලේ

තේ කෝප්පයක් විෂ වී වෛද්‍යවරයෙකු රෝහලේ

හෙදියක විසින් ලබාදුන් කිරි තේ කොප්පයක් පානය කිරීමෙන් පසුව සිහිසුන් වූ බව පවසමින් වෛද්‍යවරයෙකු රෝහල්ගත වීමේ පුවතක් තංගල්ල මූලික රෝහලෙන් වාර්තා වනවා.

කාරියමඩිත්ත රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු ඊයේ (07) රාත්‍රි මෙලෙස රෝහල් ගත වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රාජකාරියේ නිරත වන අතරතුර අදාළ හෙද නිලධාරිනිය විසින් තමාට කිරි තේ කෝප්පයක් ලබා දුන් බවත්, එය පානය කර නිල නිවසට ගිය පසු තමන් සිහිසුන් වූ බවත් එම වෛද්‍යවරයා පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසියට වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

51 හැවිරිදි වියේ පසුවන අදාළ වෛද්‍යවරයා කොළඹ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෛද්‍ය නිල නිවාසයේ තනිව ජීවත්ව ඇති බව සඳහන්.