― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසඳමාලිගේ සිද්ධියේ CCTV දර්ශන ගැන ජපානයෙන් විශේෂ ප්‍රකාශයක්

සඳමාලිගේ සිද්ධියේ CCTV දර්ශන ගැන ජපානයෙන් විශේෂ ප්‍රකාශයක්

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

ජපාන මාධ්‍ය වාර්තා කළේ, එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි.

ජපානයේ නගෝයාහි වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සංක්‍රමණිකයින් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස විශ්මා සඳමාලි ජීවිතයෙන් සමුගන්නේ 2021 වසරේදීය. 

එනම් විශ්මාගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැතිවීම ගැටලු සහගතවීම නිසා ඇයගේ පවුලේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විශ්මා රැඳීසිටි කාමරයේ CCTV දර්ශන ලබා දෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වන ජපාන රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 06 වනදා දක්වා විශ්මා රැඳීසිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එනම් මේ සම්බන්ධයෙන් විශේෂ සමාජ අවධානයක් හිමිවන්නේ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් එම දර්ශන පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ජපානයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟය.