― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද දහවල් වනතෙක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයෙන් ජලය

අද දහවල් වනතෙක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයෙන් ජලය

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඔවුන් සඳහන් කළේ මේ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ අඩු පීඩනයක් යටතේ බවයි.

කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් අද දහවල් 12 තෙක් ඉහත ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ද මණ්ඩලය කනගාටුව පළ කර තිබෙනවා.

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.