― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsටිකට්පතක් නොගෙන දුම්රියේ ගමන් ගන්නා මගීන් ගණන ඉහළට

ටිකට්පතක් නොගෙන දුම්රියේ ගමන් ගන්නා මගීන් ගණන ඉහළට

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බස් ගාස්තුවට සාපේක්ෂව අඩු මුදලක් අය කෙරෙන දුමිරිය සේවය තුළින් ගමන් පහසුකම් ලබා ගන්නා මගින් එලෙස කටයුතු කිරීමෙන් දෙපාර්තමේන්තුවෙි ආදායම් තවදුරටත් පහත වැටෙන බව සඳහන්.

ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුමිරියේ ගමන් ගන්නා මගීන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉහළ දැමීම පිළිබඳව දුමිරිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

දැනට එලෙස ගමන් කරන මගියෙකුගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 3,000ක දඩ මුදලකුයි අය කෙරෙන්නේ.

කෙසේ වෙතත්, එම දඩ මුදල රුපියල් 5,000ක්, 10,000ත් අතර අගයක් දක්වා ඉහළ දැමිය යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා
වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රියේ මුදල් නොගෙවා යන මගීන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන්ගේ හිඟය ද බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.