― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදු වූ බව හෙළිවෙයි

කොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදු වූ බව හෙළිවෙයි

කොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදු වූ බවට වින විද්‍යාඥයෙකු අනාවරණ කර තිබෙනවා.

2020 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාල සිමාව තුළ වූහාන්හි මත්ස්‍ය වෙළෙඳසැල්වලින් ලබාගත් වෛරස සාම්පලවල ජාන විශ්ලේෂණයෙන් ඒ බව හෙළිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බිජිං හි රසායනාගාර තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ටොන්ග් සිෆෑන්ග් මේ බව සඳහන් කර ඇත්තේ චීන රාජ්‍ය සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකදියි.

පාරිසරිකව සහ ශීතාගාරවලින් ලබාගත් සත්ත්ව සාම්පල 1300කට අධික ප්‍රමාණයක් මෙම පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙනවා.

කොරෝනා වෛසරය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී මුලින්ම චීනයෙන් වාර්තා වූ අතර එරට වුහාන් නගරයේ මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිතව එය බිහි වූ බවට ද මත පළවුණා.

එසේම එය පසුව වවුලන්ගෙන් ව්‍යාප්ත වූ බවට ද මත ප්‍රකාශ කෙරුණා.