― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලංගම බස්වල ටිකට් එක වෙනුවට QR කේතයක්

ලංගම බස්වල ටිකට් එක වෙනුවට QR කේතයක්

මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව මෙම වර්ෂය තුළදී QR නව තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කොට ටිකට් පත් මගීන්ට ලබා ගත හැකි නව ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද හෙතම කීය.

ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනාක්‍රමය මගින් නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදාදීම උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.