30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනියම් බිරිඳ රට ගියැ‍යි 64 පෙම්වතා දිවි අහිමි කරගෙන

අනියම් බිරිඳ රට ගියැ‍යි 64 පෙම්වතා දිවි අහිමි කරගෙන

අනියම් බිරිඳ රට රැකියාවක් සඳහා විදෙස්ගත වූ සිත් තැවුලට ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 64 හැවිරිදි වියේ පසුවූ මාලඹේ, කහන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අනියම් බිරිඳ සමඟ වසර විස්සකට වැඩි කාලයක් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, මෙම පුද්ගලයාගේ දේහය භාරගැනීම නීත්‍යනුකූල බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව එම මෘත දේහය අනියම් බිරිඳගේ දියණිය විසින් භාරගෙන ඇති බව සඳහන්.

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය පරීක්ෂණ සැළකිල්ලට ගෙන මෙම සියදිවි නසා ගැනීමක් බවට මරණ පරීක්ෂණයේ දී තීන්දු කර තිබෙනවා.