― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsනාගොල්ලාගමදී ගුටි කෙළියකින් අවසන් වූ සංගීතය

නාගොල්ලාගමදී ගුටි කෙළියකින් අවසන් වූ සංගීතය

ඊයේ (09) ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (09) නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ රාත්‍රී කාලයේ ආරම්භ කළ ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේදී මෙම පිරිස තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් සිව්දෙනා අතරින් එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එම පහරදීමට අදාළව පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන යතුරුපැදි 4ක් සහ පහරදීමට උපයෝගී කරගත් යකඩ බටයක් පිහියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 47ත් අතර වයස්වල පසු වන්නන් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් අද (10) දින මහව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.