27.2 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්සව සමයේ දිවයින පුරා වැටලීම් ඉහළට

උත්සව සමයේ දිවයින පුරා වැටලීම් ඉහළට

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වැටලීම් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

එම අධිකාරිය පැවසුවේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබා ගැනීම යන කරුණු පිළිබඳව මෙම වැටලීම් වලදී අවධානය යොමුකරන බවයි.

ඒ අනුව එලෙස වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

උත්සව සමයේ රාජකාරින් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර නිවාඩු දිනවල මෙන්ම අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේද නිලධාරීන් රාජකාරින් සිදුකරමින් පවතින බව එම අධිකාරිය පැවසුවා.