― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් - අක්ෂි ශල්‍ය වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් – අක්ෂි ශල්‍ය වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

සිංහල දෙමළ නව අවුරුදු උදාවත් සමඟ විවිධ ආකාරයේ අනතුරු නිසා ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් දැක ගක හැකි බව අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය මේ බව සඳහන් කළේ ජාතික අක්ෂි රෝහලේ අද (10) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමින්.

රතිඤ්ඤා සහ ගිණිකෙළි භාණ්ඩ පරිභෝජනය වැඩි වීම, ගෘහස්ථ අනතූරු සහ මාර්ග අනතුරු වැඩි වීම මෙයට ප්‍රධාන හේතු ලෙස සැලකිය හැකියි.

නොසැලකිලිමත් බව, අනවශ්‍ය අවදානමක් ගැනීම හා නොදැනීම මේ සඳා ප්‍රධාන කරුණු ලෙස දැක්විය හැකි බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පෙන්වා දුන්නේය.

මෙම අනතුරු නිසා ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථීර පෙනීම අඩු වීමක් සිදු විය හැකි බව ඒ මහතා මෙහිදී සඳහන් කළේ‌ය.

කුඩා පිරිමි දරුවන් සහ තරුණයින් බහුතරයක් අනතුරට ලක්වන්නන් වන අතර වඩාත්ම අනතුරු ඇති කර ඇත්තේ රතිඤ්ඤාවලිනි. එය 32%ක් වන අතර අහස් කූරු බඹරචක්‍ර රොකට් හැඩයේ ද්‍රව්‍ය සහ නිලාකූරුවලින් ද අනතුරු සිදුවේ.

විශේෂයෙන් ම කුඩා ළමුන්ට මෙම තත්ත්වය වඩාත් භයානක වන අතර පසුව සියලු තුවාල සුවපත් වුවත් පෙනීම නොලැබී යාමට ඉඩ ඇති බැවින් මෙම අවුරුදු සමයේ ගිණිකෙළි භාවිතයෙන් ඈත් වීම කාලෝචිත බවත් ඒ්වා සිදු කරන්නේ නම් ඉතා පරිස්සමින් සිදු කළ යුතු බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.