― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹින් නැවට රිංගූ 4 දෙනාගේ රට සිහිනය ගාල්ලෙන් අවසන් වෙයි

කොළඹින් නැවට රිංගූ 4 දෙනාගේ රට සිහිනය ගාල්ලෙන් අවසන් වෙයි

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු නෞකාවකට හොරෙන් ඇතුළු වී නිතිවිරෝධි ලෙස විදේශගතවිමට උත්සාහ කළ පුද්ගලයින් 04 දෙනෙකු ගාල්ල වරාය ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නෞකාව අද(10) ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදි ඊට හොරෙන් නැගගත් සිව් දෙනා නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී තිබුණා.

අනතුරුව ඔවුන් ගාල්ල වරාය ආගමන විගමන නිලධාරින්ට බාර දුන් අතර ඔවුන් එම සිව් දෙනා ගාල්ල වරාය පොලිසියට භාර දී තිබෙනවා.

අදාල සිව් දෙනා ඉකුත් මස 24 වැනිදා කොළඹ වරායෙන් නැවට ගොඩ වී ඇති අතර එය 25 වැනිදා විදේශ රටක් බලා ගමන් ආරම්භ කර තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය පදිංචි අවුරුදු 21ත් 35ත් අතර වයසේ පසුවන සිව් දෙනෙක් වන අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.