― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොල්ගහවෙලදී වෙඩි කෑ රථයේ සිටි අය ගැන තොරතුරු රැසක්

පොල්ගහවෙලදී වෙඩි කෑ රථයේ සිටි අය ගැන තොරතුරු රැසක්

පොල්ගහවෙලදී පොලිස් අන නොතකා ධාවනය කළ මෝටර් රථයේ ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අණ නොතකා ධාවනය කළ මෝටර්රථයකට අද පෙරවරු 10.30ට පමණ පොලිසිය වෙඩි තබා තිබුණේ

කුරුණෑගල සිට වත්තල දෙසට ධාවනය කෙරෙන මෝටර්රථයක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන බවට පොලීසියට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.

පොලීසිය සිය ජීප් රථයෙන් එම මෝටර් රථය ලුහුබැඳ මග හරස් කළ ද, රියදුරු මෝටර්රථය හරවා යළි කුරුණෑගල දෙසට ධාවනය කිරීමත් සමග පොල්ගහවෙල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයේ රෝදවලට වෙඩි තැබූ බව පොලීසියපවසනවා

එහිදී මෝටර් රථයේ ඉදිරි වම්පස රෝදයට වෙඩි වැදුණත් රියදුරු මෝටර්රථය කිලෝ මීටර් 2ක් පමණ ධාවනය කර මාර්ගයේ දකුණු පස පිහිටි දෙනගමුව අතුරු මාර්ගයේ ඔස්සේත් නොනවත්වා ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවක් සහ ඇයගේ මසක් වයසැති දියණිය සිය භාරයට ගනු ලැබුවා.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී රියදුරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6,400 ක්, කාන්තාව සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 90 ක් සහ අනෙක් පුද්ගලයා සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 5,700 ක් වශයෙන් හෙරොයින් මිලිග්‍රෑම් 12,190 ක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

රථය පැදවූ 37 හැවිරිදි රියදුරා සහ 27 හැවිරිදි කාන්තාව කෑගල්ල පරගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර අනියම් සබඳතාවයක් පවතින බවටත් අනාවරණය වුණා.

ඔවුන්ට දාව උපන් මසක් වයසැති බිළිඳිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමේදී පොලීසිය නොමග යැවීම සඳහා යොදා ගෙන ඇති බවට පොලීසිය විශ්වාස කරනවා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු 51 හැවිරිදි වියෙහි පසුවන වත්තල පදිංචිකරුවෙක්.

රැඳවුම් නියෝග මත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා.