― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේ මාළු මිල ඉහළට

උත්සව සමයේ මාළු මිල ඉහළට

සෑම මත්ස්‍ය කිලෝවක්ම පාහේ රුපියල් දහසකට වැඩි මිලකට අලෙවි වන බවට පාරිභෝගික ජනතාව මැසිවිල නගයි.

ඔවුන් චෝදනා කරන්නේ රජය ඉන්ධන මිල අඩු කළ ද එම වාසිය තමන්ට නොලැබෙන බවයි.

එමෙන්ම පසුගිය දිනවල රුපියල් 600 සිට 900 දක්වා මිල ගණන්වලට අලෙවි වූ මත්ස්‍ය කිලෝව අවුරුදු සමයේ රුපියල් දහස ඉක්මවා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව අද දිනයේ බේරුවල වරායේ තලපත් කිලෝව – රු. 1600 සිට රු. 1800 දක්වාත්, බලයා කිලෝව – රු. 900 සිට රු. 1200 දක්වාත්
කෙලවල්ලා කිලෝව – රු. 1300 සිට රු. 1600 දක්වාත්, ඉස්සෝ කිලෝව – රු. 1450 සිට රු. 1600 දක්වාත්, ලින්නා කිලෝව – රු. 700 සිට රු. 800 දක්වාත් ලේනපරව් කිලෝව – රු. 700 සිට රු. 800 දක්වාත් අලෙවි වූ බවයි ඔවුන් පවසන්නේ.