― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට රිළවුන් චීනයට

මෙරට රිළවුන් චීනයට

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ඉහළයන රිළාගහනයට විසඳුමක් ලෙස මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000ක් පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවාය. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

රිළවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.

රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලනවිට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත්වීම ම සතුටට කාරණයක් බවට මෙම සාකච්ඡාවේදී අවධානයට ගත් බවයි ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.