33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියේ ලොකු පුටු 4ක් මාරු කරයි

පොලිසියේ ලොකු පුටු 4ක් මාරු කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු සදහා ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වයඹ, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙලෙස ස්ථාන මාරුවනු ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, රජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ සහ සජීව මැදවත්ත යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ.

මෙම ස්ථාන මාරු කිරිම්, සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම සිදුවනු ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ ය.