― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාසල් බෑග් සහ සපත්තු මිල පහළට ?

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට ?

පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නව පාසල් වාරය ආරම්භවීමත් සමඟ දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේදී දෙමව්පියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අමාත්‍යවරයා පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාසල් බෑග් සහ සපත්තු මිල පිළිබඳ අද (11) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට සපත්තු සහ බෑග් ආයනයන සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇති අතර ඒවා දේශීයව නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදුකෙරෙන බැවින් ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යායුතු බවය.

ඒ පිළිබඳව සොයාබලා සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට අමාත්‍යවරය දන්වා සිටි අතර එසේ මිල පහළ යාමක් සිදුව නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිතුමා දැන්වත්කර මිල අඩුකිරීමට අදාළ ගැලපෙන පිළියමක් සඳහා යොමුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.