― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද 12ට කලින් පාස්පෝට් කන්තෝරුවට එන්න

අද 12ට කලින් පාස්පෝට් කන්තෝරුවට එන්න

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයට අදාළව කලින් වේලාවන් වෙන් කරගත් අයදුම්කරුවන් දහවල් 12.00 පෙර තම අයදුම්පත් ආගමන හා විගමන දෙපාර්මේන්තුව වෙත භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ විදේශ ගමන් බලපත්‍ර කලින් වේලාවන් ලබාගත් අයදුම්කරුවන්ට පමණක් නිකුත් කරන බවය.

කලින් වේලාවන් වෙන්කර නොගත් අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙසද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.