― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

දොඩන්දූව ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 11.15ට පමණ මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රියේ මෝටර් රථය ගැටී ඇති බවයි සඳහන්.

තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ සහ මෝටර් රථයේ රියදුරා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ දානමය කටයුත්තකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.