― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයකට අනුමැතිය

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයකට අනුමැතිය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේ, අදාළ බිත්තර තොගය අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තුන්වන බිත්තර තොගය මෙය වන අතර, බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

මෙම බිත්තර මිලියනයක තොගයක් පසුගියදා මෙරටට අනයනය කළ අතර ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණා.

එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර තිබුනේ නැහැ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ එම බිත්තර තොගයේ සෞඛ්‍ය සහතිකය අද නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය කාලය තුළ රටේ පැවති බිත්තර හිඟයට විසඳුමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ යටතේ බිත්තර මිලියන 4කට ආසන්න තොගයක් මේ වනවිට ආනයනය කර ඇති අතර ඒවා හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරීම සිදු කෙරෙනවා.

ඒ අනුව පසුගිය සතියේ ගෙන්වූ බිත්තර තොගය ද හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරිමට නියමිත අතර ඒ සඳහා ද මේ වනවිට ඇනවුම් බොහෝමයක් ඉදිරිපත් වී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ එමෙන්ම ඉදිරි දිනවලදීත් රටේ පවතින බිත්තර හිඟයට පිළියම් ලෙස තවත් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවයි.