32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැක කටයුතු ලෙසට මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

සැක කටයුතු ලෙසට මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ මාර්ගයක සැකකටයුතු ආකාරයෙන් යතුරු පැදියක් සමග වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අළුයම සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වැව පාරේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.

කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ විතානන් පේරුව වංගුවේ දී යතුරුපැදිය බණ්ඩාරගම දෙස සිට පැමිණීමේදී අද වැටී ඇදී ආ බවට මාර්ගයේ සලකුණු දක්නට ඇති අතර මළ සිරුර මාර්ගයේ මුනින් අතට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය ගිය පුද්ගලයාගේ මුහුණට බරපතල තුවාල සිදුවී තිබූ බව සඳහන්.

මෙම මරණය යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරට ලක්වී සිදුවූවාද ? එසේත් නොමැති නම් වෙනත් වාහනයක් යතුරුපැදියේ ගැටී සිදු වූ වාද? යන්න හෝ වෙනත් සිද්ධියක් මුල් කරගෙන මරණය සිදු වූවා ද යන්න අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.