ලිහිසි තෙල් හෝ ග්‍රිස් නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථා පනත යටතේ වන නියමයන්ට අනුකූලව බලපත්‍රයක් ලබාගත යුතු බව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් දක්වා ඇත්තේ ලිහිසි තෙල් හෝ ග්‍රීස් අලෙවි කිරීමේදි අදාළ බලපත්‍රයේ අංකය ලේබලයේ සටහන් කළ යුතු බවයි.
එසේ නොමැතිව එම ද්‍රව්‍ය ගබඩා කිරීම, ඇසුරුම් කිරීම හෝ විකිණීම සිදු නොකළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්.