― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅධික රස්නෙන් තවදුරටත් බලපෑම්

අධික රස්නෙන් තවදුරටත් බලපෑම්

දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රිකවලට ඉන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

මේ අතර සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මේ අතර උණුසුම් කාලගුණයෙන් සතුන් ආරක්ෂා කරගත යුතු බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.